Dec 4, 2010

වින්ඩෝස් සෙවන් අලුත්ම වැඩකෑල්ලක්

න්න යාලුවනේ අපි අද ටිකක් වෙනස් පැත්තකට ගිහින් එන්න ඕනි කියල නිකමට හිතුන..
කොහේද දන්නවද්?
වින්ඩෝස් විස්ට වලින් පස්සෙ ආපු වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්දතියෙ තියෙන අලුත්ම වැඩකෑල්ලක් ගැන තමයි
අද කතා කරන්න හදන්නේ..
නිකන් බැලූ බැල්මටම වගෙ අපි වින්ඩෝස් සෙවන් වල කැල්කියුලේටරය ඕපන් කරපු ගමන්ම පේන්නේ නම් මේක නිකන් විස්ට වලම කැල් එක තමයි කියල නේ.
ඒත් යාලුවනේ මේක මහ අරුම පුදුම කැල් එකක් හරියටම කියුවොත් Scientific Calculator එකක්.
මෙමගින් උසස් ගනිතයේදී ඕන කරන සියලුම වර්ගයෙ ගනිත ගැටලු විසදා ගන්න පුලුවන් විදියට තමා මේක සකසල තියෙන්නේ.
මෙහි තියෙන සැබෑම වෙනස නම් කැල්කියුලේටර් වර්ග දෙකක් තියෙන එක.
ඒවාගෙ නම් තමයි Programmer සහ Statistic මෙම Programmer කැල්කියුලේටරය මගින් පරිඝණක වැඩසටහන් කරනයේ යෙදෙන යාලුවන්ට ගොඩක් ලේසි වෙන ආකාරයට තමයි හදල තියෙන්නේ...
ඒවගේම තමයි සංඛ්‍යාලේකන සකසන අයට පහසු වීමට තමයි Statisic නිර්මාණය කරල තියෙන්නේ.මෙහි තියෙන තවත් විශේශම දෙයක් තම්යි මෙමෙ කැල්කියුලේටරයට විවිද Opyionsමගින් තව තවත් බොහෝ දේවල් අමතරව එකතු කරගත හැකිවීමයි..
ඒවා අතර පවතින විශේශාංග අතර
දිග,පරිමාව,බර,දින ගනනයද,ස්ප්‍රෙඩ්ශීට්ස්,වාහනයක ඉන්දන් වියදම,පොලී අනුපාත වැනි නොයෙකුත් බොහෝ දෙවල් මෙමගින් සකසා ගැනීමට හැකි වී පවතී.
මේනිසා යාලුවනේ මෙය විස්ටා වලට පමනක් පොදු වූ දෙයක් නොවන අතර අත්හදා බැලීම් කරනයට ඉතාම යෝග්‍ය වනු ලබන නොමිලේම ලබා දෙනු ලබාන මෘදුකාංගයක් වනු ඇත.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Powered by Blogger