Dec 3, 2010

සුද්දන්ට ටියුෂන් දෙන්න මර්වින් සූදානම්......

හින්ද චින්තනය පිළිබඳව ඉගෙනගැනීම සඳහා ඉහළම නිලධාරියාගේ සිට ලෝකයේ සිටින සියලුම සුදු ජාතිකයින් වෙත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

මහින්ද චින්තනය පිළිබඳව අධ්‍යාපනය ලබාදී ඒ අනුව කටයුතු කරන ලෙස තමන් ඔවුන්ට උපදෙස් ලබාදෙන බවත් ඔහු සඳහන් කරයි.

අද(04) පෙරවරුවේ පෑලියගොඩ නගරයේ පැවති ආචාර්ය මර්වින් සිල්වා අභියෝගතා කුසලාන පාපැදි සවාරිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

එමෙන්ම රටක රාජ්‍ය නායකයකුට ආරක්ෂාව සැපයීමට බ්‍රිතාන්‍යය අසමත් වුවද ඕනෑම අවස්ථාවක ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් සියලුම කටයුතු කරගනිමින් ආපසු සිය රට වෙත වෙත යා හැකි බව ද මර්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

එමෙන්ම කිසියම් පුද්ගලයෙකු සිය රටට ද්‍රෝහි වේ නම් තමන් පාර්ලිමේන්තුවේ වූ සිදුවීම අනුමත කරන බවත්, තමන් එම අවස්ථාවේ නොසිටීම ගැන කණගාටුවට පත්වන බවත් හෙතෙම කියා සිටියේය.

රුවල් නැවක් හෝ සොයාගෙන රටින් පිටව යන ලෙස සියලු ද්‍රෝහින්ට අවධාරණය කරන බවත් සිල්වා මහතා වැඩිදුරටත් කියා සි‍ටියේය. ත්‍රස්වාදය අවසන්ව, රටට සාමකාමී පරිසරයක් උදාවී ඇති නිසා ව්‍යායාම වෙනුවට පාපැදිය භාවිතකරන ලෙස දේශපාලකයින් වෙත දැනුම්දෙන බව ද ඔහු කියා සිටියේය. 
(4m Adaderana.lk)


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Powered by Blogger