Dec 3, 2010

(බොලිවුඩ් වතගොත) මනීෂා විවාහය ගැන කලකිරෙයි?

නේපාල ජාතික සුරූපී රංගන ශිල්පිණී 40 හැවිරිදි මනීෂා කොයිරාල නේපාල ව්‍යාපාරිකයකු වන 33 හැවිරිදි සම්රත් දහල් සමග විවාහ වූයේ මෙම වසරේ ජූනි මස 19 වන දිනය‍. ඊට පෙර 2001 වසරේදී ඇය හිටපු නේපාලයේ ඕස්ට්‍රේලියානු නාතාපතිවරයෙකු වූ ක්‍රිස්පින් කොන්රෝයි සමග විවාහ ගිවිසගත් බව ද වාර්තා වූ අතර පසුව එම ගිවිසුම බිඳදමනු ලැබීය. එම විවාහ ගිවිසුම බිඳවැටීමෙන් පසු මනීෂා අමෙරිකානු ලේඛකයකු වන ක්‍රිස්ටෝපර් ඩොරිස් සමග ගොඩනගාගත් පෙම් සබඳතාවය ද බිඳ වැටිණි.
Click to enlarge
පසුගිය දිනවල බොලිවුඩය පුරා පැතිරගිය ආරංචියක් වූයේ මනීෂා කොයිරාල සිය සැමියා වන සම්රාත්ගෙන් වෙන්වීමට තීරණය කර ඇති බවය. සිය විවාහය නීරස වූවක් බවට මනීෂා විසින් සිය ෆේස්බුක් වෙබ් පිටුවෙහි සඳහන් කර ඇති බව වාර්තා විය. එමෙන්ම සැමවිටම තමන්ට වඩාත්ම සුදුස්සා තෝරාගැනීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද ඇය එහි සටහන් කර ඇත. නමුත් මෙම පුවත මනීෂාගේ පවුලේ සාමාජිකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Click to enlarge
මනීෂාට වඩා වයසින් බොහෝ අඩු සම්රාත් හා මනීෂා අතර වන ඉතා සුළු කරුණක් මාධ්‍ය මගින් පුළුල් කොට දැක්වීමට උත්සාහ දරන බවට මනීෂාගේ මව වන සුෂ්මා විසින් ප්‍රකාශ කර තිබේ. ඔවුන් දෙදෙනා අතර ඕනෑම විවාහයකට පොදු සුළු මත ගැටුම් තත්ත්වයක් පමණක් ඇතිවී ඇති නමුත් මාධ්‍ය පෙන්වාදෙන තරම් එය බරපතල ගැටලුවක් නොවන බවත් ඇය අවධාරණය කර ඇත. මනීෂා මේ දිනවල ඇයගේ වෘත්තීය ජීවිතය නිසා තරමක් කාර්යයබහුලව ඇති බවත් ඇය මේ දිනවල චිත්‍රපට උළෙලක විනිශ්චය කටයුතු වෙනුවෙන් ගෝවා නරගය බලා ගොස් ඇති බව ද සුෂ්මා පෙන්වා දී තිබේ.‍
Click to enlarge
ඇය දින කිහිපයකින් නැවත නිවසට පැමිණි පසු සියලුම ගැටලු සමථයකට පත්වනු ඇති බවට ද ඇය විශ්වාසය පළකර තිබේ. මාධ්‍ය වෙත දොස් පැවරීමට තමන් හට අවශ්‍ය නොවුණ ද මෙම සියලුම පුවත් අසත්‍ය බව ද ඇය පෙන්වා දී ඇත. මෙම සිද්ධිය සම්බන්ධව නේපාල පුවත්පත් වාර්තා කර තිබුණේ විවාහයෙන් පසු මනීෂා සිය සැමියාගේ නිවසට වඩා වැඩි කාලයක් ගතකර ඇත්තේ සිය මවගේ නිවසේ බවය.
Click to enlarge
4m Adaderana.lk

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Powered by Blogger